News Line| Off Air
Generic placeholder image

Feb
11

වසර 31කට පසු ඉන්දියාව Whitewash වෙයි

1126 Views


වසර 31කට පසු ඉන්දියාව Whitewash වෙයි

තරග තුනකින් හෝ ඊට වඩා වැඩි තරග ගණනකින් සමන්විත එක්දින තරගාවලියකදී වසර 31කට පසුව සියලුම තරග පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවුණා.

ඒ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් නවසීලන්තයේ පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ඉන්දියාව පරාජයට පත්වීමත් සමගින්.

අද (11) පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන්ද නවසීලන්ත කණ්ඩායම ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් එම තරගාවලියේ සියලු තරග ජය ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 296/7ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 47.1 කදී ලකුණු 300/5ක් රැස්කරමින් තරගය ජයගනු ලැබුවා.

ඉන්දියාව අවසන් වරට තරග තුනකින් හෝ ඊට වඩා තරග ගණනකින් යුත් තරගාවලියක පරාජයට පත්ව තිබුණේ 1989 වසරේදීයි. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පැවැති එක්දින තරගාවලියක් 5-0ක් ලෙස පරාජයට පත්වෙමින්. ඊට පෙරද එනම් 1983 වසරේදී ඉන්දීය කණ්ඩායම කොදෙව්වන් හමුවේදීම තරග 5-0ක් ලෙස පරාජයට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post