News Line| Off Air
Generic placeholder image

Feb
11

චීනයේ වනජීවීන් සම්බන්ධ නීතිය සංශෝධනය කිරීමට අවධානය

614 Views


චීනයේ වනජීවීන් සම්බන්ධ නීතිය සංශෝධනය කිරීමට අවධානය

නව කොරෝන වෛරසයට එරෙහිව චීනය ගෙන යන සටනට සමගාමීව මේ වසරේදී එරට වනජීවීන් ආරක්ෂා කිරිම පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුව තිබෙනවා.

එසේම සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ (එන්පීසී), ස්ථාවර කමිටුවේ, ව්‍යවස්ථාදායක කටයුතු කොමිෂන් සභාවේ නිලධාරියෙකු වන වැන්ග් රුයිහේ බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

වන සතුන් වෙළඳාම් කිරීම සහ ආහාරයට ගැනීම නිසා ඇති විය හැකි මහජන සෞඛ්‍ය ආරක්ෂණ අවධානමක් පිළිබඳව ලොව පුරා අවධානයට ලක්ව ඇති බවත් ඒ අනුව වන ජීවීන් සම්බන්ධ නීති හා රෙගුලාසි වැඩිදියුණු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය දැඩි කිරීම සහ වනජීවී ජාවාරම මැඩපැවැත්වීම දැඩි කිරීමේ අවශ්‍යතාවක් පැනනැගී ඇති බවත් වැන්ග් ප්‍රකාශ කර තිබෙනවා.

නව කොරෝනා වෛරසයද වන ජීවීන් හා සම්බන්ධ වෛරසයක් බවට චීනය මේ වන විට සැක පළකරනවා.

වනජීවී වෙළඳ වෙලඳපොලවල් තහනම් කර වසා දමා ඇති බව සහතික කිරීම සඳහා අධීක්ෂණය, පරීක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කළ යුතුව ඇති බව ඔහු පැවසුවා.

වනජීවීන් ආරක්ෂා කිරීම සහ අනෙකුත් අදාළ නීති හා රෙගුලාසි පිළිබඳ නීතිය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද වැන්ග් අවධාරණය කළ අතර වන සතුන් දඩයම් කිරීම සහ එම මාංශ ආහාරයට ගැනීම සඳහා වන දඩුවම් දැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post