මේ වන විට ලියාපදිංචි කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමේ යෝජනාවත්, එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද, ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද වශයෙන් එහි තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබෙනවා.
එම නව පක්ෂයේ ‘හදවත’ ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරගකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය යෝජනා කර ඇති නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ‘අලියා’ ලකුණින්ම තරගකිරීමට යෝජනා කිරීම නිසා මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව පවතින බව සදහන්.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (10) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේදී රැස් වූ අතර එහිදී ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.
යෝජිත සන්ධානයේ මහලේකම් ධුරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා නම්කිරීමට එහිදී අනුමැතිය පළ වුණා.