දිවයින පුරා අද දිනයේත් තරමක වැසි තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව දීස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන්.
එමෙන්ම උතුරු,නැගෙනහිර, උතුරු මැද සහ දකුණු පළාත් වලත් සුළඟේ වේගය පැ.කි.මී. 50 ඉක්ම විය හැකි බවයි වාර්තා වන්නේ.