News Line| Off Air
Generic placeholder image

Feb
11

බලධාරීන්ගේ අනුමැතිය මත ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයින් සවුදිය පුරයි

697 Views


බලධාරීන්ගේ අනුමැතිය මත ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයින් සවුදිය පුරයි

මෙවර අවසන් වූ යොවුන් ලෝක කුසලානයේ මුල්ම වටයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව තරගාවලියේ දසවැනි කණ්ඩායම බවට පත්වුණා. මෙහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමද හොදම කණ්ඩායම් අට අතරට තේරී පත්වීම විශේෂත්වයක්.

පසුගිය දිනවල දකුණු අප්‍රිකාවේ යොවුන් ලෝක කුසලානය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් තමන් රැදී සිටි හෝටලයේ සිටම මත්පැන් පානය කළ බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කළා.

කණ්ඩායමේ කළමණාකරුද දැනුවත්ව මෙම ක්‍රියාව සිදුව තිබෙන බව එම ආරංචි මාර්ග පවසනවා.

යොවුන් කණ්ඩායම යනු ඕනෑම රටක ක්‍රිකට් අනාගතය වන අතර කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය පිලිබද ක්‍රිකට් පාලකයන් අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු වනවා.


News Articles
Latest Videos
Most Popular Post