News Line| Off Air
Generic placeholder image

Feb
11

ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට පියවර

613 Views


ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට පියවර

ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට අවශ්‍යය කටයුතු සිදුකරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා සදහන් කළා.

රටේ මහ මාර්ග තදබදය අවම කිරිමට මෙන්ම දුම්රිය ප්‍රවාහනය දියුණු කිරිමට ජනතාවගේ දායකත්වයද ලබා ගන්නා බව ඔහු මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

කෙටි කාලින, මාධ්‍යය කාලින, දිගු කාලින සැලසුම් යටතේ ප්‍රවාහන සේවය දියුණු කිරිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කෙටි කාලින ගැටළුව වශයෙන් දුම්රිය ප්‍රමාදයට විසදුම් ලබා ගන්නා බවත්, සෑම සතියකම අගහරුවාද දින සියළුම දුම්රිය බලධරින් කැදවා දුම්රිය ප්‍රමාදයට කරුණු සොයා බලන බවත් අමාත්‍යයවරයා පැවසුවා.

තවද දුම්රිය ඇතුලත තිබෙන අපිරිසිදුතාවය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන බවත්, දැනට පවතින දුම්රිය මාර්ග දෙක වෙනුවට දුම්රිය මාර්ග හතරක් ඉදි කර දුම්රිය සේවය ගුණාත්මක ජනතා සේවයක් බවට පත් කිරිම සදහා නව දුම්රිය සේවකයින් බදවා ගැනිමටත් සැලසුම් කර ඇති බවයි අමාත්‍යය සි.බි රත්නායක මහතා කියා සිටියේ.

නව රජයන් පත්විමේදි එම රජයේ අමාත්‍යවරයාට අවශ්‍යය පරිදි මගි ප්‍රවාහන සේවය වෙනස් කිරිමට නොහැකි ආකාරයට ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් ගෙන ඒමට සැලසුම් කර ඇති බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post