ඉන්දියාවේ දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට ආම් ආද්මි පක්ෂය සමත් වී තිබෙනවා. ඒම පක්ෂයේ නායකයා වන්නේ
අර්වින්ද් කේජ්රිවාල්ය.
ඒ අනුව එම පක්ෂය විසින් දිල්ලි ව්‍යවස්ථාදායක සභාවේ ආසන 70 න් 62 ක විශිෂ්ට ජයක් හිමි කර ගෙන ඇති අතර ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය කිසිදු ආසනයක් දිනා නොගැනීම විශේෂත්වයකි.