News Line| Off Air
Generic placeholder image

Feb
12

ශ්‍රී ලංකාව තුළ පරමානු බලශක්ති බලාගාරයක් පිහිටුවීමට රුසියානු තානාපතිගේ අවධානය

1394 Views


ශ්‍රී ලංකාව තුළ පරමානු බලශක්ති බලාගාරයක් පිහිටුවීමට රුසියානු තානාපතිගේ අවධානය

ශ්‍රී ලංකාව තුළ පරමානු බලශක්ති බලාගාරයක් පිහිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි පවසනවා.

රුසියන් ස්පුට්නික් සඟරාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව පරිසර දූෂණයෙන් තොර බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමුකර ඇති බැවින් මෙලෙස ගල් අඟුරු සහ ගෑස්වලින් තොර පරමාණු බලශක්ති බලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළා.

ව්‍යාපෘතිය සඳහා දැනටමත් මූලික කටයුතු සිදුකර ඇති අතර, එය කඩිනමින් ආරම්භ කිරීමට හැකි බවද ඔහු විශ්වාසය පළ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post