මේ වසරේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන සියලූම පාසල් විභාග සඳහා අයදුම්පත් කැඳවීම (Online) ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව සෑම ශිෂ්‍යයෙක් සඳහාම ශිෂ්‍යත්ව විභාගයේ සිට අනන්‍ය වු ශිෂ්‍ය අංකයක් ලබා දී ඒ තුලින් විෂය බාහිර ක්‍රියාකාරකම් යනා දි තොරතුරු ද පහසුවෙන් ලබා ගත හැකි ලෙස සකසන බවයි පැවසෙන්නේ.