News Line| Off Air
Generic placeholder image

Feb
12

නව කොරෝනා වෛරසයට නිල නාමයක්

543 Views


නව කොරෝනා වෛරසයට නිල නාමයක්

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය, හේතුවෙන් මේ වන විට සිදු වී ඇති මරණ සංඛ්‍යාව 1,017කි. ලොව පුරා ආසාධනය වූ පුද්ගලයින් 43 000 කට ආසන්නයි. එයින් පුද්ගලයින් 42,200 දෙනෙකුම චීන ජාතිකයින්ය.

මේ වන විට මෙම නව කොරෝනා වෛරසය හැදින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල නාමයක් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම වෛරසය කොවිඞ් නයින්ටීන් (Covid-19) ලෙස නම් කර තිබෙනවා.
මෙලෙස නිල නාමයක් ලබා දීමට කටයුතු කර ඇත්තේ වෛරසය හේතුවෙන් කිසියම් රටකට හෝ පුද්ගල කණ්ඩායමකට සිදුවිය හැකි අපකීර්තිය හා අපහසුතාවන් මැඩපැවැත්වීම මුලික කරගෙනයි.


News Articles
Latest Videos
Most Popular Post