කඩොලාන පරිසරයක් කපා දමා ක්‍රීඩාංගණයක් සාදා දෙන ලෙස මීගමුව, මුන්නක්කරේ ධීවර කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව අදහස් දැක්වූ වනජීවි නිලධාරිණි දේවානි ජයතිලක වෙනුවෙන් තමන් පෙනී සිටින බව තිරසර හා වනජිවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.
කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ අදාළ නිලධාරිණිය එම අවස්ථාවේ නිවැරදිව කටයුතු කර ඇති බවයි.
ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් පැවති අදාළ රැස්වීමේදී මුන්නක්කරේ ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් කඩොලාන පරිසරයක් කපා දමා ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
වන නිලධාරිණිය කියා සිටියේ කඩොලාන පද්ධතිය ඇතුලූ වනාන්තර එළිපෙහෙළි කරමින් මිනිස් ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම තුළින් ඔක්සිජන් ප්‍රතිශතයට බලපෑමක් එල්ල වන බවයි.
කෙසේ වෙතත් වන නිලධාරිණියගේ මෙම ප්‍රකාශයත් සමඟ එම අවස්ථාවට එක්ව සිටි පිරිස එහිදී ඇයට විරෝධය පළ කළා.