News Line| Off Air
Generic placeholder image

Feb
12

වනාන්තර ගිනි තබන පුද්ගලයන්ට වසර 07 ක සිරදඩුවමක්

1597 Views


වනාන්තර ගිනි තබන පුද්ගලයන්ට වසර 07 ක සිරදඩුවමක්

පවතින අධික උෂ්ණාධික කාළගුණය හමුවේ ළඳු කැළෑ ගිනි තැබීමෙන් වළකින්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ ජානක හඳුන් පතිරාජ මහතා ජනතාව දැනුවත් කර තිබෙනවා.

2009 අංක 65 දරණ කැලෑ සංශෝධන පනතට අනුව වනාන්තර ගිනි තබන පුද්ගලයෙකුට අවුරුදු 07 කට නොඅඩු සිරදඩුවමක් ද වනාන්තරයට සිදුකර ඇති හානිය අනුව රුපියල් 20,000 – 200,000 අතර දඩමුදලක්ද අය කිරීමට හැකියාව ඇති බව ඔහු සදහන් කළා.

එවැනි ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාවට නංවන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ ජානක හඳුන් පතිරාජ මහතා එහිදී අවධාරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post