News Line| Off Air
Generic placeholder image

Feb
12

ජේතවන චෛත්‍යයේ ඉරි තැලීම වර්තමානයේ ඇතිවූවක් නොවන බව හෙළිවෙයි

1006 Views


ජේතවන චෛත්‍යයේ ඉරි තැලීම වර්තමානයේ ඇතිවූවක් නොවන බව හෙළිවෙයි

අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බව හෙළිව තිබෙනවා.

වසර කිහිපයකට පෙර අකුණු වැදීමකින් සිදුවූ හානි වීමක් සඳහා ගැල්වූ බදාම දියවීම හේතුවෙන් අදාළ හානිවීම් නැවත දිස්වීමක් වී ඇති බව සදහන්.

එම අකුණු සැර වැදීම හේතුවෙන් ගර්භය තුළට ජලය වැටීම වැළැක්වීම සඳහා වර්ෂා කාලය එළඹීමට ප්‍රථම තාවකාලිකව විශේෂ බදාමයක් යෙදීමට කටයුතු කර ඇති අතර වර්ෂා කාලය අවසන් වූ පසු නැවත එම සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කටයුතු යොදා තිබෙනවා.

කෙසේවුවද අදාළ හානිවීම් සඳහා ගල්වා තිබූ බදාම වර්ෂා සමයේදී දියවී ඇති බවත් ඒ අනුව එම හානිවීම් මේ වනවිට නැවත පිටතට දිස්වීමට පටන්න ගෙන ඇති බවත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post