News Line| Off Air
Generic placeholder image

Feb
12

අගමැති හා ශ්‍රී ලංකාවේ තුර්කි නව තානාපතිවරිය අතර හමුවක්

533 Views


අගමැති හා ශ්‍රී ලංකාවේ තුර්කි නව තානාපතිවරිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ තුර්කියේ නව තානාපතිවරිය ඩෙමෙට් සේකර්සියොග්ලු (Demet Sekercioglu) සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්විණා.

ආර්ථික කටයතු, සංස්කෘතිය, අධ්‍යාපනය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු අංශ ගණනාවක් තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදි තුර්කියේ නව තානාපතිවරිය සඳහන් කර සිටියේ දෙරට අතර සබඳතා වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් තිබෙන බවයි.

නිදහසින් පසු ශ්‍රී ලංකාව සහ තුර්කිය විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන ගොස් ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කල සමයේ මෙම සබඳතා වැඩිදුරටත් ශක්තිමත් වූ බව සදහන්.

2008 වසරේදි එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා තුර්කියේ රාජ්‍ය සංචාරයක නිරත වූ අතර, එලෙස තුර්කියේ රාජ්‍ය සංචාරයක නිරත වූ පළමු ජනාධිපතිවරයා වන්නේද ඒ මහතා යි.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී තුර්කී තානාපතිවරියගෙන් ඉල්ලා ඇති අතර තුර්කි ගුවන් සේවය දිනපතා ශ්‍රී ලංකාවට පියාසර කිරීමත් සමඟ තුර්කියෙන් පමණක් නොව ලෝකයේ වෙනත් රටවලින් ද සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඔවුන් ආරක්ෂක අංශය පිළිබඳව ද සාකච්ඡා කළ අතර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී බුද්ධි අංශ තොරතුරු හුවමාරු කර ගැනීමේ අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති බවට එකඟ වූ බව සදහන්.

ජනාධිපති රිසෙප් ටයිප් අර්ඩොෂාන් (Tayyip Erdoğan) නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් දක්වන බව තානාපතිනි සෙකර්සියොග්ලු සඳහන් කර තිබෙනවා.

2005 වසරේ ඇති වූ සුනාමියෙන් පීඩාවට පත් වූ රටවල සංචාරය කරන අතරතුර ජනාධිපති අර්ඩොෂාන් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළා.තුර්කිය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ නිවාස 450 කින් සමන්විත ගමක් ඉදිකිරීම මගින් සුනාමි සහන සේවා කටයුතු සඳහාද දායක වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post