News Line| Off Air
Generic placeholder image

Feb
12

වෙලේ සුදාට එරෙහි නඩුවේ විභාගය ලබන ඔක්තෝබරයේ

618 Views


වෙලේ සුදාට එරෙහි නඩුවේ විභාගය ලබන ඔක්තෝබරයේ

රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 05 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර ඇති මරණීය දණ්ඩනය නියම වී සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබුණා.

එහිදී මෙම නඩුවට පාදකවන සාක්ෂි උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීම සඳහා වෙලේ සුදා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මීට පෙර ඉල්ලීම් කර තිබෙනවා.

ඊට අදාළව නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ දී කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දෙනු ලැබුවා.

රුපියල් මිලියනයක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post