News Line| Off Air
Generic placeholder image

Feb
12

බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුටත් Covid-19

1363 Views


බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුටත් Covid-19

බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක රැඳවියන් දෙදෙනෙකුට “කොවිඩ්නයින්ටීන්” හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

රැඳවියන් දහසකට අධික පිරිසක් රැඳී සිටින අදාල බන්ධනාගාරයේ එක් කුටියක සිටි රැඳවියන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.

ඉන් එක් රැඳවියෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන මීට සති දෙකකට පමණ පෙර බ්‍රිතාන්‍යයට පිටුවහල් කළ අයෙකු වන අතර ඔහුට තායිලන්තයේ දී වෛරසය ආසාදනය වී ඇති බව සැක පල කරන බවත් එම පුද්ගලයාගෙන් අනෙක් රැඳවියාට සම්ප්‍රේශණය වන්නට ඇති බවත් එරට බලධාරීන් පවසනවා.

බ්‍රිතාන්‍යයෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් පුද්ගලයින් 1300 ක් පමණ පරීක්ෂණ සදහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post