News Line| Off Air
Generic placeholder image

Feb
13

කොවිඩ් වෛරසයෙන් ගත වු පැය 24 තුල පුද්ගල මරණ 242ක්

1521 Views


කොවිඩ් වෛරසයෙන් ගත වු පැය 24 තුල පුද්ගල මරණ  242ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ මරණ 242ක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව අද වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 1357ක් ලෙසින් ඉහළ ගොස් ඇති බවයි.

කොරෝනා වෛරස කාණ්ඩයට අයත් වුවත්, මෙතෙක් හඳුනා නොගත් ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කිරීම නිසා මෙම වෛරසය හැඳින්වූයේ නව කොරෝනා වෛරසය ලෙසයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ සඳහා ඊයේ(12) නිල නාමයක් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව මින් ඉදිරියට සෞඛ්‍ය හා විද්‍යා ක්ෂේත්‍රයේදී කොවිඩ් නයින්ටීන් ලෙස මෙම වෛරසය හැඳින්වෙනු ඇති අතර වෛරසය හේතුවෙන් මියගිය ගණන අද වනවිට 1357ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ලොව පුරා ආසාදිතයින් ගණන 60 000 ද ඉක්මවමින්.

නව මරණ සියල්ලම තවදුරටත් චීනයෙන්ම වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post