News Line| Off Air
Generic placeholder image

Feb
13

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018ක් පොදු සමා කාලය තුළ නැවත සේවයට

621 Views


ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018ක් පොදු සමා කාලය තුළ නැවත සේවයට

ප්‍රකාශයට පත් කර තිබු පොදු සමා කාලය තුළ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදාව පවසනවා. ඒ අතර නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 8005 දෙනෙකු වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යළි සේවයට වාර්තා කිරීම සඳහා පසුගිය 05 වන දින සිට ලබාදී තිබු පොදු සමා කාලය ඊයේ(12) දිනයෙන් අවසන් වුණා. එහිදී සැලකිය යුතු පිරිසක් යළි සේවයට වාර්තා කිරීම සතුටුදායක කරුණක් බව බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

මේ අතර පොදු සමා කාලයට සමගාමීව ප්‍රකාශයට පත් කර තිබු අනවසර ගිනි අවි භාරදීම සඳහා ලබාදී තිබු කාලය ද ඊයේ දිනයෙන් අවසන් වූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post