News Line| Off Air
Generic placeholder image

Feb
13

විභාග අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිත කරන්න අවසර

1459 Views


විභාග අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිත කරන්න අවසර

රජයේ විභාගවලට පෙනී සිටින අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදිමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය. රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ තෝරාගත් විභාග සඳහා මෙම අවසරය ලබාදීමට තීරණය කර ඇති බවයි.

වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පල කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍යවී ඇති බවයි.

මේ වන විට විවිධ නව තීරණ රැසක් ගෙන ඇති බවත් පැවසු ඒ මහතා, ගණකාධිකරණ විභාගයෙන් දෙවරක් චක්‍රය බලාපොරොත්තු නොවන බවත් එම ක්‍රමවේදය මේ වන විට වෙනස් කරමින් සිටින බවත් පැවසුවා. අත්හදාබැලීමක් ලෙස මේ මස 16 වන දින ආරම්භ කරන ගණකාධිකරණ විභාගයෙන් මෙම ඝනක යන්ත්‍ර භාවිතා කිරීම ආරම්භ කරන බවත් ඒ මහතා කියා සිටියා.

ඒ අනුව පළමු වරට මෙලෙස ඝනක යන්ත්‍ර භාවිතයට සිසුන්ට ඉඩ හිමිවෙන බවත් පැවසු ඒ මහතා, ලෝකයට ගැළපෙන ආකාරයෙන් අපේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවත් පැවසුවා.

මේ අතර ඊයේ දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත මහතා පවසා සිටියේ, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය, ජෛය පද්ධති තාක්ෂණවේදවය,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් සඳහන් වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (Non Programmable calculators) භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post