News Line| Off Air
Generic placeholder image

Feb
13

ගිහාන් පිලපිටියට වරෙන්තු නිකුත් කළ හැකි ආකාරය ගැන අධිකරණයෙන් නියෝගයක්

787 Views


ගිහාන් පිලපිටියට වරෙන්තු නිකුත් කළ හැකි ආකාරය ගැන අධිකරණයෙන් නියෝගයක්

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැක්කේ දිවුරුමක් මත විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂියක් ලබාගැනීමෙන් පමණක් බව අධිකරණය ප‍්‍රකාශ කර තිබෙනවා.
නුගේගොඩ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මේ බව ප‍්‍රකාශ කලේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා විසින් ගිහින් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු අවස්ථාවේ දීයි.
ගිහාන් පිලපිටිය මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදුන්නද තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් සදහන් කලේ පොලිස්පතිවරයාට නීතියට ඉහලින් කටයුතු කිරීමට නොහැකි බවයි.
මේ ආකාරයේ වරෙන්තුවක් ලබාදීමේදී දිවුරුම් මත විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂියක් ලබාගත යුතු බැවින් එලෙස සාක්ෂි ලබාදීමට හැකි නිලධාරියෙක් අධිකරණයේ රැුදී සිටීද යන්න මහේස්ත‍්‍රාත්වරයා විමසා සිටියා.
කොළඹ අපරාධ කොට්ටාඨයේ ස්ථානාධිපතිවරයා සදහන් කළේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් පරික්ෂකවරයා ඔහුගේ දරුවාගේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අධිකරණයෙන් පිටව ගිය බවයි.
ඒ අනුව දිවුරුම් මත සාක්ෂි ලබාදිය හැකි විමර්ශන නිලධාරියෙක් සමග අදාල ඉල්ලීම අද සිදුකරන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නා.
මේ අතර හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවු දුරකථන සංවාද 12ක හඬ පිටපත් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post