News Line| Off Air
Generic placeholder image

Feb
13

කොරෝනා ගැන තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදියෙකු අතුරුදන්

1580 Views


කොරෝනා ගැන තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදියෙකු අතුරුදන්

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ තොරතුරු වාර්තා කළ තවත් මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබෙනවා.

ෆෑන්ග් බින් නමැති ප්‍රාදේශිය පුවත් වාර්තාකරණයේ නිරතව සිටි මාධ්‍යවේදියෙකු පසුගිය ඉරිදා දිනයේ සිට අතුරුදන්ව ඇති බව සදහන්.

වූහාන් නගරයේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ චෙන් කූයිෂි නමැති මාධ්‍යවේදියෙකු ද පසුගිය සිකුරාදා දිනයේ සිට අතුරුදන්ව තිබුණා.

ඔවුන් දෙදෙනා අන්තර් ජාලය ඔස්සේ සහ ජංගම දුරකතන මගින් ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළීබඳ තොරතුරු වාර්තා කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post