News Line| Off Air
Generic placeholder image

Feb
13

කුරුණෑගල – මහව දුම්රිය මාර්ගය ද්විත්ව වෙයි

1883 Views


කුරුණෑගල – මහව දුම්රිය මාර්ගය ද්විත්ව වෙයි

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර කොටස තුළ පවතින තදබදය හේතුවෙන් උදෑසන සහ සවස කාර්යාල දුම්රිය පැයකට අධික කාලයක් ප්‍රමාද වීම ඉතා සුලභ තත්ත්වයක් වන අතර එබැවින්, උතුර බලා ධාවනය වන මගී දුම්රියවල ගමන් කාලය අඩුකර, උතුරු දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමේ සමස්ත ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා ඉන්දියානු ණය ආධාර යටතේ ඉතිරිව පවතින අරමුදල් භාවිතා කරමින් කුරුණෑගල සහ මහව අතර දැනට පවතින මාර්ගයට අමතරව, වැඩිදියුණු කළ සංඥා පද්ධතියක් සහිත කිලෝ මීටර 43ක අතිරේක මාර්ගයක් ඉදි කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත

එමෙන්ම අදාළ උපදේශක සේවාවන් සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සේවය ලබාගැනීමටත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


News Articles
Latest Videos
Most Popular Post