News Line| Off Air
Generic placeholder image

Feb
13

චීනයේ සිට පැමිණෙන්නන් පිලිබද තොරතුරු ගැනීමට නව ක‍්‍රමවේදයක්

503 Views


චීනයේ සිට පැමිණෙන්නන්  පිලිබද තොරතුරු ගැනීමට නව ක‍්‍රමවේදයක්

චීනයට ගොස් යළි මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ තොරතුරු රැුස් කිරීම සදහා විශේෂ ක‍්‍රමවේදයක් සකස් කරන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
එහි ප‍්‍රධාන වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර මහතා සදහන් කලේ ඔවුන් සම්භන්ධයෙන් දැඩි අවදානයෙන් පසු වන බවයි.

කොරෝනා වෛරසය ආසාදිත වු බවට මෙරටින් හමුවු චීන කාන්තාවගේ ජෛව සාම්පල සම්බන්ධයෙන් හොංකොං රාජ්‍යයේ දී සිදු කල පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී තිබෙනවා.
එමගින් ද තහවුරු වී ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බවයි. අදාල කාන්තාව මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බවයි වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර මහතා සදහන් කලේ.
කෙසේ වෙතත් ඇයට මේ වන තෙක් කොළඹ අයි ඞී එච් රෝහලෙන් පිටව යාමට අවසර හිමිව නැහැ. ඇය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි
ඒ ඇයගෙන් වෛරසය වෙනත් පුද්ගලයෙකුට සම්පේ්‍්‍රණය නොවන බවට තහවුරු කර ගැනීම සදහායි.
කොවිට් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන් 16 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප‍්‍රතිකාර ලබනවා
ඉන් 10 දෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ අයි ඞී එච් රෝහලේ යි.
මේ අතර චීනයේ වුහාන් සිට පැමිණ දියතලාව නිරෝධායන කදවුරේ රදවා සිටින ශ‍්‍රී ලාංකික සිසුන්ගේ අවසන් වෛi වාර්තා හෙට ලැබීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post