News Line| Off Air
Generic placeholder image

Feb
13

ඉරුදින දහම් පාසල් පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සිදුකරන බව අගමැති කියයි

575 Views


ඉරුදින දහම් පාසල් පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සිදුකරන බව අගමැති කියයි

තරගකාරී විභාග මූලික කරගත් අධ්‍යාපනික ක්‍රමය හේතුවෙන් මෙරට දරු පරපුරට දහම් අධ්‍යාපනය මෙන්ම නිදහස ද අහිමි වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සමඟ ඊයේ පැවැති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඉරුදින සහ පොහොය දින උපකාරක පන්ති පැවැත්වීම තුළින් දහම් පාසල්වලට දරුවන්ගේ පැමිණීමේ ශීඝ්‍ර ලෙස අඩුවන බවට සමස්ත ලංකා ශාසනාරක්ෂක
බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේ අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් අතර අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ රජයක් වශයෙන් ඉරුදින දහම් පාසල් පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු තමන් සිදුකරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post