News Line| Off Air
Generic placeholder image

Feb
13

රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කෙරේ

690 Views


රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කෙරේ

පාස්කු ප්‍රහාරයෙන් පසු රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙම නිදහස් වීසා පහසුකම පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වනදා දක්වා දීර්ඝ කළ බව සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයින්ගේ අඩුවක් දක්නට ලැබණු බැවින් නිදහස් වීසා ලබා දීම සිදුකෙරුණේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීයි.

ඒ මාස 6 ක කාලයක් සඳහා වන අතර ජනවාරි 31 වනදායින් එය අවසන් වීමට නියමිතව තිබුණා.

ඒ අනුව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය සහ ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 48 කට මෙලෙස නිදහස් වීසා ලබාදීම දීර්ඝ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post