News Line| Off Air
Generic placeholder image

Feb
13

වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්

1020 Views


වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්

ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා.

වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බව සදහන්.

එමෙන්ම වැලන්ටයින් හා සම්බන්ධ විශේෂ වැඩසටහන් ප‍්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණය මාධ්‍ය වෙතද උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසෙන් වැලන්ටයින් යනු පාකිස්ථාන සංස්කෘතියේ කොටසක් නොවන බවත් එය බටහිර චාරිත‍්‍රයක් බවත් ප‍්‍රකාශ කළ බව විදෙස් වාර්තා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post