News Line| Off Air
Generic placeholder image

Feb
14

දියලතලාවේ පිරිස අද අකුරේගොඩට

390 Views


දියලතලාවේ පිරිස  අද අකුරේගොඩට

චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ සිට මෙරටට පැමිණ දියතලවා හමුදා කදවුරේ රැුදී සිටි පිරිස අද අකුරේගොඩ යුධ හමුදා මුලස්ථානය රැුගෙන ඒමට නියමිතයි.
යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු වීමෙන් අනතුරුව ඔවුන්ට නිවෙස් බලා යාමට අවසර ලබා දෙනු ඇතී.
ඔවුන්ට කිසිදු ආසාදන තත්වයක් නොමැති බව මේ දක්වා සිදු කල පරීක්ෂණ වලදී අණාවරණය වී තිබෙනවා. 33 දෙනෙකුගෙන් සමන්විත මෙම ශ‍්‍රී ලාංකිකයින් පසුගිය පළමු වනිදා දිවයිනට රැගෙන එනු ලැබුවේ වූහාන් බලා ගිය ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් එතැන් සිට එම පිරිස සති දෙකක් වෛද්‍ය කණ්ඩායමක අධික්ෂණය යටතේ දියතලාව යුද හමුදා මූලික රෝහල යටතේ අලූතින් ඉදිකළ ගොඩනැගිලි දෙකක රඳවා සිටියා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට සුවය ලබා අංගොඩ බෝවන රෝග විද්‍යායතයේ ප‍්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාව මුදා හැරෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවිර මහතා සඳහන් කලේ වෛරසය සම්ප්‍රේෂණය නොවන බවට නිසි තහවුරු කිරීමකින් පසුව ඇයව මුදා හරින බවයි.
කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන් 16 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප‍්‍රතිකාර ලබනවා. ඉන් 10 දෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ අයි ඞී එච් රෝහලේ යි.


News Articles
Latest Videos
Most Popular Post