News Line| Off Air
Generic placeholder image

Feb
14

පාස්කු දින ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනෙක් යළි රිමාන්ඩ්

591 Views


පාස්කු දින ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනෙක් යළි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 28 වන දා තෙක් යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අදාළ බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද(14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ බව අප වාර්තාකරු පැවසුවා. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකරුවන් ලබන 28 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කලා.

පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු මෙම සැකකරුවන් හය දෙනෙකු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post