News Line| Off Air
Generic placeholder image

Feb
15

උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්

830 Views


උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා.

ඒ අනුව ප්‍රවාහන, සංදේශ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ආර්. විජේසිංහ ප්‍රවර්ථන දිසාව වෙත මාරු කර යවා තිබෙනවා.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට, පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post