News Line| Off Air
Generic placeholder image

Feb
16

කනගරායකුලමේ එල්.ටී.ටී.ඊ බැංකුව පැවති ස්ථානයේ කැණීම් අරඹයි

822 Views


කනගරායකුලමේ එල්.ටී.ටී.ඊ බැංකුව පැවති ස්ථානයේ කැණීම් අරඹයි

එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ එල්.ටී.ටී.ඊ බැංකුවක් පවත්වාගෙන ගිය බව සැලකෙන කනගරායකුලම් ප්‍රදේශයේ පිහිටි භූමියක කැණීම් සිදුකර තිබෙනවා.

වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය ලබා ගත් නියෝගයකට අනුව කනගරායකුලම් පොලිසියේ නිලධාරීන් විසින් මෙම කැණීම් සිදුකර ඇති අතර අදාළ ස්ථානයේ කැණීම් සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලීසිය විසින් එම ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කිරීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන තිබෙනවා.

වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණ නිලධාරීන්, පුරා විද්‍යා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රිය අංශ නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ඇතුළු කණ්ඩායමක් ඉදිරියේ කැණීම් සිදුකර ඇති බව සඳහන්.

පැය 04 ක පමණ කාලයක් අදාල ස්ථානයේ කැණීම් සිදුකළ ද කිසිවක් හමුනොවු බවයි පොලීසියි පැවසුවා. මීට පෙර ද ජාවාරාම්කරුවන් පිරිසක් විසින් එල්.ටී.ටී. ඊසංවිධානය සතු රත්‍රං හා මුදල් එම ස්ථානයේ පවතින බවට විශ්වාස කොට කැණීම් සිදුකොට තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post