අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ නිරත වසිටි පොලිස් නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවා.
දැව ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට මොහු රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් 12,500ක මුදලක් පළමුව ලබාගෙන තිබෙනවා. ඉතිරි මුදල ලබාගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනුතරුව ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබෙනවා.