2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දකුණූ අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය අවසන් වීමෙන් පසු අයි.පී.එල් තරඟාවලිය ආරම්භ කරන බවයි තරඟ සංවිධාකයින් පවසන්නේ.
ඒ අනුව පළමු තරඟය පසුගිය වසරේ ශූරයන් වු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ එහි අනුශූරයන් වු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.