පවතින වියළි කාලගුණික තත්ත්වය මාර්තු සහ අප්‍රේල් දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.
විටින් විට වැසි ඇදහැලුන ද, පවතින උණුසුම් කාලගුණය අඩු නොවනු ඇති බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළා.
එමෙන්ම දහවල් කාලයේ දැඩි අව් රශ්මිය නිසා පාසල් යන දූ දරුවන් පමණක් නොව එළිමහනේ වැඩ කරන අයද ඒ ගැන සැලකිලිමත් වන්නැයි බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී එස් .කේ. සංජීවනී සිල්වා මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමෙන්ම එළිමහනේ ක්‍රීඩා කරන, වැඩ කරන අය හොඳින් ජලය හෝ ශරීරය සිසිල් කරන පාන වර්ග භාවිත කළ යුතු බවද ඇය පැවසුවා. කොමඩු, කැකිරි, නෙල්ලි, ගස්ලබු යුෂ, තැඹිලි ආදිය වැඩිපුර පානය කිරීම යෝග්‍ය බවද හැකි තරම් දරුවන් වගේම වැඩිහිටියන්ද පිරිසිදු ජලය අවම වශයෙන් ලීටර් එකහමාරක් හෝ පානය කිරීම සුදුසු බවද ඇය පැවසුවා.