News Line| Off Air
Generic placeholder image

Feb
17

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වය අගමැති මහින්දට – සභාපති ධුරය මෛත්‍රී ට

1347 Views


ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වය අගමැති මහින්දට – සභාපති ධුරය මෛත්‍රී ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්වී තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එහි ලේකම්ධූරය හිමිව ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහි ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය වන්නේ පොහොට්ටුවයි.

නව සන්ධානය මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම සඳහා අද දිනයේ ලිපිලේඛන භාරදුන් බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post