News Line| Off Air
Generic placeholder image

Feb
18

නව පක්ෂ 125ක් ලියාපදිංචියට අයදුම්පත් භාර දෙයි

582 Views


නව පක්ෂ 125ක් ලියාපදිංචියට අයදුම්පත් භාර දෙයි

ලියාපදිංචිය සඳහා නව දේශපාලන පක්ෂ 125ක් මෙවර මැතිවරණ කොමිෂන් සභාව වෙත අයදුම්පත්‍ර භාර දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පස්වරු 4.00ට අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය අවසන් වූ බවයි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතුවලට අදාළ අයදුම්පත් භාර ගැනීම පසුගිය ජනවාරි මස 17 වන දින ආරම්භ වුණ අතර ඒ අනුව ලැබී ඇති අයදුම්පත්‍ර මුලික පරික්ෂා කිරීමේ කටයුතු ඉදිරි දිනවල දී සිදුකිරීමට නියමිතයි.

නව ලියාපදිංචිය සදහා තෝරාගනු ලබන දේශපාලන පක්ෂවල නියෝජිතයින් කැදවා සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ලියාපදිංචිය සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post