කොරෝනා අසාධිතයින් සිටින වුහාන් වල පිහිටි ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂවරයාත් මෙම වෛරසය අසාධනය වීමෙන් මියගිය බව විදෙස් වාර්තා සදහන් කරනවා. චීනයේ රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශයක් නිකුත් කරමින් වුහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂක වන ලියු ෂිමින් මහතා අද උදැසන මියගිය බව තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ ප්‍රධාන නිලතල දරමින් සිටි පිරිස අතරින්දෙවන වෛද්‍යවරයායි. මේ වන විට මෙම වෛරසය මැඩපැවැත්වීම සදහා කටයුතු කරන චීනයේ වෛද්‍ය නිලධාරීන් 10. 000 ක පමණ පිරිසක් ක්‍රියා කරන අතර ඒ අතරින් මෙම වෛරසයට ගොදුරු වී තිබෙන අතර පිරිස 1716 කි. ඒ අතර මියගිය ගණන 06 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.