News Line| Off Air
Generic placeholder image

Feb
18

කොවිඩ් සුවකළ හැකි එන්නතක් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වෙයි

2725 Views


කොවිඩ් සුවකළ හැකි එන්නතක් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වෙයි

කෝවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය සුවකළ හැකි එන්නතක් සොයාගැනීමට ඉන්දීය සහ අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා. එම පර්යේෂකයින් සඳහන් කළේ, තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම එන්නත, තවත් මාස හයකට පසු මනුෂ්‍යයන් යොදා පරීක්ෂාවට භාජනය කළ හැකි බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය සුවකළ හැකි එනනතක් සොයා ලොව පුරා පරීක්ෂණ ඇරඹී ඇති නමුත් එස් අයි අයි – කෝඩැජෙනික්ස් යනුවෙන් හැඳින්වෙන මෙම එන්නතෙහි විශේෂත්වය වන්නේ වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය සිරුර තුළ ගොඩනැගීමට ඊට වැයවන කාලය සෙසු ප්‍රතිකාර ක්‍රමවලට සාපේක්ෂව අවම වීම හේතුවෙනි.

මෙවැනි වෛරස වෙනුවෙන් එන්නත් සොයා ගැනීමට සාමාන්‍යයෙන් වසර හත අටක කාලයක් ගත වන නමුත් විද්‍යාගාරය තුළ දැනටමත් වෙමැනි එන්නතක් නිර්මාණය කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බව එය සොයාගත් පර්යේෂකයෝ පෙන්වා දෙන අතර මේ අතර කොරෝනා වෛරසය වළක්වාගත හැකි මෙන්ම ප්‍රතිකාර කළ හැකි වෛරසයක් බව චීන සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කල අතර වෛරසය පැතිරයාම ආරම්භයේ එය ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවු රෝගීන් ප්‍රතිශතය 38% සිට 18% ක් දක්වා මේ වනවිට පහතවැටී ඇති බව ද සඳහන් වන අතර මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව සටහන් වන්නේ 1868 ක් ලෙසයි..

මේ අතර අමෙරිකාව ,ජපානයේ නිරෝධායනය කර තිබූ ඩයමන්ඩ් ප්‍රින්සන් නෞකාවේ සිටි සිය පුරවැසියන් 300 කට අධික පිරිසක් යළි ගෙන්වා ගැනීමට පියවර ගත් ඒ අතර වෛරසය ආසාදනය වූවන් 14 දෙනෙකු සිටි බව ද සඳහන් ය.

මේ අතර කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හමුවේ ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ උපන්දින සැමරුම අවලංගු කිරීමට ද එරට රජය පියවර ගනු ලැබූ අතර මේ වනවිට ජපානයේ පුද්ගලයන් 60 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සඳහන්.

කොරෝනා වෛරසය පැතිරයාම, සිය සමාගමේ ලාභ ඉපැයීම පහත හෙළීමට හේතුවනු ඇතැයි ඇපල් සමාගම ප්‍රකාශ කළ අතර ඇපල් සමාගම පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් සිය නිෂ්පාදනය කටයුතු සහ වෙළඳාම ද බලපෑමට ලක්ව ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post