පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවන බව ශ්‍රී ලංකා පොලීසිය සදහන් කළා.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා අනාවරණය කළා.
පාස්කු ප්‍රහාරයෙන් පසු කාන්තාවන් 07ක් ඇතුළු සැකකරුවන් 216 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.