News Line| Off Air
Generic placeholder image

Feb
19

රංගන ශිල්පි කාවිංග පෙරේරා අත්අඩංගුවට

3457 Views


රංගන ශිල්පි කාවිංග පෙරේරා අත්අඩංගුවට

අද (19) අලුයම රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සදහන්.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ගයේ නඩත්තු කටුයුතුවල නිරත වෙමින් සිටියදී ඉන් එක් සේවකයකු අලුයම සැකකරුගේ මෝටර් රථයේ ගැටී බරපතල තුවාල ලබා මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් පසු මෝටර් රථය නොනවත්වා ධාවනය කරමින් සිටියදී මාර්ගයේ සිටි පිරිස් විසින් නවත්වාගෙන ඇති අතර සැකකරු අද (19) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post