News Line| Off Air
Generic placeholder image

Feb
19

මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ආමි සමන්ත අත්අඩංගුවට

661 Views


මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ආමි සමන්ත අත්අඩංගුවට

දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ආමි සමන්ත නැමැත්තා මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දිවුලපිටිය – බඩල්ගම ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රැඳී සිටියදියි.

සැකකරු මාකඳුරේ මධුෂ් සමඟ විවිධ අපරාධ සඳහා එක්ව ඇති අතර ඔහු කොස්ගොඩ සුජී නැමති සංවිධානාත්මක අපරාධකරුගේද ගෝලයෙක්.

ඝාතන ඇතුලු විවිධ අපරාධ සඳහා චෝදනා එල්ල වී ඇති සැකකරු යුද හමුදාවෙන් පලා ආ අයෙකු බවද පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post