කොරෝනා වෛරසය ආසාදනය වී සිට අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගත්, චීන ජාතික කාන්තාව අද (19) සවස යළිත් සිය රට බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වුණා.
ලූඕ යාන් (Luo Yang) නැමැති 44 හැවිරිදි ඇය චීනයේ හූබෙයි ප්‍රාන්තයේ උපත ලත් කාන්තාවක්.
ඇය අද දින සවස 5.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වූ බව සදහන්.