News Line| Off Air
Generic placeholder image

Feb
19

තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට බෞද්ධාගමික කටයුතු සදහා මුදල් පරිත්‍යාගයක්

776 Views


තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට බෞද්ධාගමික කටයුතු සදහා මුදල් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා තායිලන්ත බෞද්ධාගමික සබඳතා තහවුරු කරමින් මෙරට බෞද්ධාගමික කටයුතු සදහා රුපියල් දස ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

හොංකොං හි කොන්ෂුක් නාම්චක්ෂි භික්ෂුණිය ඇතුළු ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත තායිලන්ත දූත පිරිස අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් බව සදහන්.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් දූත පිරිස දිවයිනට පැමිණ ඇති අතර හමුව සංකේතවත් කරමින් බුද්ධි ප්‍රතිමා වහන්සේ නමක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද එහිදී සිදු කෙරුණා.

හෙයියන්තුඩුව තායි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රාස්සගල සීවලි හිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් මෙම චාරිකාව සංවිධානය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post