News Line| Off Air
Generic placeholder image

Feb
19

ඩයමන් ප්‍රින්සස් නෞකාවේ නිරෝධායන ක්‍රියාවලිය අවසන්

627 Views


ඩයමන් ප්‍රින්සස් නෞකාවේ නිරෝධායන ක්‍රියාවලිය අවසන්

නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ජපානයේ යොකෝහාමා වරාය ආශ්‍රිතව නැංගුරම්ලා තිබූ ඩයමන් ප්‍රින්සස් සුඛෝපභෝගී නෞකාවේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී නොමැති පළමු මගීන් කණ්ඩායම ලෙස මගීන් 70 කට ආසන්න පිරිසක් අද (19) දිනයේ නෞකාවෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

පසුගිය 4 වනදා සිට යොකෝහාමා වරාය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති ඩයමන් ප්‍රින්සස් නෞකාව සඳහා දින 14ක නිරෝධායන කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබූ අතර මේ දක්වා ඉන් ආසාදිතයින් 545 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

නෞකාවේ සිටින විවිධ රටවලට අයත් මගීන් 3700 ක පමණ පිරිසෙන් අමෙරිකා, බ්‍රිතාන්‍ය, කැනඩා, හොංකොං ඇතුළු රටවලට අයත් වැසියන් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post