අද සිට විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොමිලේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනිමේ හැකියාවක් පවතින බව වාර්තා වෙනවා. එම වැඩ සටහන අද අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයේ දී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.