News Line| Off Air
Generic placeholder image

Feb
19

ජාතික පාසල් ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවයි

1321 Views


ජාතික පාසල් ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවයි

සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැයි පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් සලකා සියලු ජාතික පාසල් වල වාරය මැද සිදුකළ ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ අනුව මෙම වර්ශයේ ගුරු ස්ථාන මාරු කටයුතු ක්‍රියාත්මක කරන දිනය ඉදිරියේදි දැනුම් දීමට නියමිතයි.

එමෙන්ම ගුරු ස්ථාන මාරු මණ්ඩල රැස්වීම් නතර කිරීමක් සිදු නොකරන අතර ඉදිරියේදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු ස්ථාන මාරු සඳහා නව විද්‍යුත් යෙදවුමක් (App) හඳුන්වාදීමට නියමිත බවත් එමගින් ගුරු ස්ථාන මාරුව පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව තොරතුරු යාවත්කාලින වනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post