News Line| Off Air
Generic placeholder image

Feb
20

රාවණ ඉතිහාසය ගවේෂණය කළ ආචාර්ය මිරැන්ඩෝ අභාවප්‍රාප්ත වෙයි

8277 Views


රාවණ ඉතිහාසය ගවේෂණය කළ ආචාර්ය මිරැන්ඩෝ අභාවප්‍රාප්ත වෙයි

රාවණ ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත් පත් රැසක් මෙරටට දායාද කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඊයේ (19) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 21 දින මාතලේ ගලේවෙල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

මෙරට ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මක පර්යේෂණ ග්‍රන්ථ කතුවරයකු ලෙස ඔහු බොහෝදෙනෙකු අතර ජනප්‍රියයි.

සීගිරිය කාශ්‍යප රජු නිර්මාණය කළ එකක් නොව වීශ්‍රවමුනි නම් වූ රාවණා රජුගේ පියා විසින් නිර්මාණය කළ එකක් බව ඔහු මෑත කාලයේ රට පුරා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමද බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා.

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන්ගේ දේහය මේ වන විට මාදිපොල තලකිරියාව නිවසේ තැන්පත් කොට තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post