රාජකීය ධුර අත්හල බ්‍රිතාන්‍යයේ හැරී සහ මේගන් යුවල මේ දිනවල සිය අවසන් නිල රාජකීය කටයුතුවල නිරතව සිටිනවා.
කෙසේ වෙතත් ඔවුන්ගේ රාජකාරි කටයුතු ලබන අප්‍රේල් මාසයෙන් අවසන් කරමින් නිල ලිපියක් නිකුත් කිරීමට බකිංහැම් මන්දිරය කටයුතු කර තිබුණා.
සසෙක්ස් හි ආදිපාද හැරී සහ මේගන් යුවළ සිය රාජකීය නිලතල අත්හරින බව නිල වශයෙන් නිවේදනය කළේ පසුගිය ජනවාරි මාසයේදීයි.
යුවළ ලබන මාර්තු මස 31 වැනිදා සිට කිසිදු නිල රාජකාරියක නිරත නොවන බව බ්‍රිතාන්‍ය බකිංහැම් මන්දිරය පසුගියදා නිකුත් කළ නව නිවේදනයක සදහන්.
නිල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ හැරී-මේගන් යුවල නිල වශයෙන් ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව රැජිණ වෙනුවෙන් කිසිදු කාර්යක නිරත වීමට ඔවුන්ට අවස්ථාව හිමිනොවන බවයි.
මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වන අවසන් රාජකාරීමය කටයුතු සඳහා යුවල මේ මාසය අවසානයේදී නැවතත් බ්‍රිතාන්‍ය වෙත පැමිණීමට නියමිතයි.
එමෙන්ම අප්‍රේල් මස පළමුවැනිදා සිට හැරී-මේගන් යුවළ වෙනුවෙන් බකිංහැම් මන්දිරයේ ඇති නිල කාමරයද වසා දැමෙනු ඇති.
කෙසේ නමුත් තවත් වසරකින් අනතුරුව යුවලගේ රාජකීය ධුර අත්හැරීම සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් ලබාගැනීමටත් රජ පවුල අපේක්ෂාවෙන් පසුවන බව සදහන්.
රාජකීය ධුර අත්හැරීමෙන් අනතුරුව හැරී-මේගන් යුවළ උතුරු අමෙරිකාවේ වැඩි කාලයක් ගතකිරීමට කටයුතු කරන බවත් ඔවුන් ඉදිරි කාලයේදී නිතර බ්‍රිතාන්‍යයට පැමිණෙනු ඇති බවත් විදෙස් වාර්තා පැවසුවා.