News Line| Off Air
Generic placeholder image

Feb
20

අධ්‍යාපන චාරිකාවක් අතරතුර දියේ ගිලී මිය ගිය සිසුන්ගේ ගුරුවරුන් සම්බන්ධයෙන් විමර්ශන

1132 Views


අධ්‍යාපන චාරිකාවක් අතරතුර දියේ ගිලී මිය ගිය සිසුන්ගේ ගුරුවරුන් සම්බන්ධයෙන් විමර්ශන

අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී බදුල්ල – හාලිඇල විද්‍යා විදුහලේ සිසුන් සිව් දෙනෙකු ගෝමරන්කඩවල ප්‍රදේශයේදී දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 68 දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා ඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් තිබූ අතර, ඊට ගුරුවරුන් 7 දෙනෙකු ද එක්ව සිටි බව වාර්තා වනවා.

පසුව ඔවුන් ගෝමරන්කඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක නවාතැන් ගෙන තිබෙනවා.

එහිදී සිසුන් පිරිසක් විහාරස්ථානයට යාබදව පිහිටි මැදවච්චිය වැවේ නෑමට ගොස් ඇති අතර, එහිදී මෙම අනතුර සිදුවුණා.

සිද්ධියෙන් සිසුන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 3 දෙනෙකු දියේ ගිලී රෝහල් ගත කළා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම් රත්නායක මහතා සඳහන් කළා.

ගුරුවරුන් විසින් තම රාජකාරිය මග හැර කටයුතු කර සිටියාද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post