ජර්මනියේ හැනාව් නගරයේ අවන්හල් දෙකක් ඉලක්ක කර අද අලුයම වෙඩි තැබීම් කිහිපයක් සිදුව තිබෙනවා. එයින් පුද්ගලයින් අටදෙනෙක් මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
බටහිර ජර්මනියේ සුප්‍රකට ශීෂා අවන්හල් දෙකක මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. අවන්හල් වෙත කඩාවැඳුනු වෙඩිකරුවන් එහි සිටි පිරිස වෙත වෙඩි තබා ඇති අතර පළමු අවන්හලේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෝ 03 දෙනෙක් මියගොස් ඇති අතර ඉන් පසු අනෙක් අවන්හලේ වෙඩි තැබීම් වලින් තවත් පුද්ගලන් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට සම්බන්ධ වෙඩිකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.