සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඊයේ දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙය සිදු කර තිබෙනවා.